ක.ග කරුණාරත්න
පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා දැන්ට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු නොමැති කම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබෙන බව මහජනතාව කියති.
ඒ හේතුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ සේවය ලබා ගැනීම සඳහා මඩකලපුව මහ රෝහලට යාමට මහජනයාට සිදුවී තිබේ.
අධිකරණ නියෝග මත සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මරණකරුගේ බාරකරුවන් විසින් ඒ මෘත දේහය සිද්ධිය වූ ස්ථානයේ සිට මඩකලපුව මහ රෝහල කරා පෞද්ගලික වියදමින් රැගෙන යා යුතු බව කියති.
ඒ සඳහා පෞද්ගලික මල් ශාලාවකින් අවමංගල රථයක් කුලියට ලබා ගැනීමට සිදුවන අතර දුර ප්‍රමාණය අනුව ඊට අයකරන මුදල වෙනස් වේ.
පොලොන්නරුව රෝහලේ සිට මඩකලපුව මහ රෝහල දක්වා දුර ප්‍රමාණය කිලෝ මීටර් 100 ක් පමණ ය. උදාහරණයක් ලෙස පොළොන්නරුව නගරයේ හෝ ඒ ආසන්නයේ සිට මඩකලපුව මහ රෝහල තෙක් අවමංගල රථයකින් මෘතදේහයක් රැගෙන ගොස් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු නැවත ආපසු රැගෙන ඒම සඳහා රුපියල් 50,000 කට ආසන්න මුදලක් බාරකරුවන්ට, ඥාතීන්ට දැරීමට සිදුවන බවද පෙන්වා දෙති.
මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, ඇලහැර, බකමූණ වැනි දුර බැහැර ප්‍රදේශයක සිට මඩකලපුව රෝහල දක්වා යාමට සහ ආපසු ඒමට ඊටත් වඩා විශාල ලෙස වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන බවද අනාවරණය විය.
මේ අතර ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ ආදිය සම්බන්ධයෙන්ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කටයුත්තක් හෙයින් එවැනි රාජකාරිමය අවස්ථාවලදීද බාරකරුවන්ට මෙවැනිම දුෂ්කරතාවට මුහුණ පෑම සිදුව තිබෙන බව පෙන්වා දෙති.
පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු නොමැතිකම හේතුවෙන් මහජනතාව අත් විඳින දුෂ්කරතා මග හැරවීමට පියවර ගන්නා ලෙස මහජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ