IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පළාත් මන්ත්‍රී ඇතුළු පිරිසකට එරෙහිව පහරදීමේ චෝදනා

(රංජිත් රාජපක්ෂ)

මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන ඇමති සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගන් තොන්ඩමන් මහතාගේ පුත් ජිවන් තොන්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ කිහිපදෙනෙකු විසින් කළැයි කියන පහර දිමක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියට පැමිණීල්ලක් ලැබි ඇති බව පොලිසිය පවසයි.

මස්කෙළිය ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහාගි වි සිටි අමාත්‍ය පලනි දිගම්බරන් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවකු වන බාලකි‍්‍රෂ්නන් ප‍්‍රභාකරන් නමැති අයෙකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එසේ පැමිණිල්ලක් ලැබී ඇති අතර තුවාලකරු මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ තම පක්ෂ කාර්යාලයේ වැඩ කරන සේවිකාවගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රිය අනතුරකට ලක්වි මියගොස් ඇති බවත් එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වු අවස්ථාවේ බිමත්ව පැමිණි කිහිපදෙනෙකු එහිදි කළහාකාරි ලෙස හැසිරුනු බවයි. මේ සම්බන්ධයෙන් එම අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දෙන ලෙස මස්කෙළිය පොලිසියට දුරකථ ඇමතුමක් ලබා දී තමා එම නිවසෙන් පිටව ගිය බවත් මෙහිදි තමන් හෝ තමන් සමග ආ කිසිවකු එහිදි පහර දිමක් සිදු නොකළ බවද ඔහු කීය.



අදහස් (0)

පළාත් මන්ත්‍රී ඇතුළු පිරිසකට එරෙහිව පහරදීමේ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site