IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පොහොර ඉල්ලා දඹුලු ගොවියොත් පාරට බසිති

( කාංචන කුමාර ආරියදාස)

ජාතික සමගි ජනබල බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ ගොවි උද්ඝෝෂණයක්  අද(23 )  පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි .

මෙහිදී නගරයට ඒකරාශි වූ දේශපාලන අධිකාරියේ පිරිස සහ ගොවීන් බැනර් පෝස්ටර් මිනීපෙට්ටි ප්‍රදර්ශනය කරමින් රසායනික පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වෙමින් ආර්ථික මධ්‍යස්ථානය කරා කෑගසමින් පැමිණෙන්නට වූහ.

 ආණ්ඩු පක්ෂයේ  ප්‍රබල  දේශපාලන චරිත් වල වෙස් මුහුණු දමාගත් පිරිස් මිනීපෙට්ටි කරතියාගෙන තවත් පිරිසක් දේශපාලන චරිත වල මුහුණු සහිත පඹයන් තියාගෙන එම පඹයන්ට පහරදෙමින් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා කෑ ගසන්නට වූහ

මහනුවර-යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් සම්පුර්ණයෙන්ම වසාගෙන ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව වීම නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු අලෙවි කර ගැනීම සඳහා පැමිණි ගොවීන්ට ද බාධා එල්ල වීය.

 කෙසේ වෙතත් එම ගොවීන් කියා සිටියේ තමන් රැගෙන ආ එළවළු අලෙවි කර ගැනීම අවැසි නිසා පෝලිමේ සිටින බවත් මෙම විරෝධතාවයට තමන්ගේ ද සහයෝගය ලබාද දෙන බව ය.

විරෝධතාවය අතරතුර  ජාතික සමගි ජනබලවේගයේ දඹුල්ල ආසන සංවිධායක  යු .ආර් .දයා නන්දසිරි මහතා ඇතුළු කණ්ඩායම සූදානම් කර තිබුණු විකට ජවනිකාවක් බොහෝදෙනාගේ අවධානයට ලක් කෙරිණි.

එහිදී සුපෝකබෝගී වාහනයකින් මුදල්  ඇමතිවරයා ලෙස සැරසුණු මුහුණ යොදා ගත් පුද්ගලයෙකු පැමිණ එක වැරම  විරෝධතාකරුවන් ඉදිරියට බැස ගන්නට විය .එම අවස්ථාවේදී එහි සිටි පිරිස් එම පුද්ගලයාට දැඩි ලෙස පහරදී පන්නා දමන ජවනිකාව බොහෝදෙනාගේ විනෝදාංශයක් බවට පත් ව තිබිණි.

තවත් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය වරයාගේ මෙන්ම පාරිභෝගික අමාත්‍යවරයාග ගේ රුව සහිත පඹයන්ට දැඩි ලෙස පහරදී ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ දමා ගිනි තැබීමට ද උද්ඝෝෂකයෝ ක්‍රියා කළහ.

 මෙම විරෝධතා පෙළපාලිය සහ උද්ඝෝෂණය ජාතික සමගි ජනබලබලවේගයේ දඹුල්ල ආසන සංවිධායක දයා නන්දසිරි මහතා විසින් සංවිධානය කොට තිබුණු අතර එම අවස්ථාවට හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ  හිටපු රාජ්‍ය ය අමාත්‍යවරයෙකු වන රංජිත් අලුවිහාරේ යන   මහත්වරුන් ද එක්ව සිටියහ.

 



අදහස් (0)

පොහොර ඉල්ලා දඹුලු ගොවියොත් පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 58 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site