(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමටත් පෙර බලන්ගොඩ ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතාව බලන්ගොඩ නගරයේ විදී බැස අද (17) පෙළපාළි ගියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායක අකිල එල්ලාවල, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් ඇතුළු ජනතාව මෙලෙස රථවාහන පෙළපාළිය සඳහා එක්ව සිටියහ.
ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණක් ලබා ගෙන ඇති බව පවසමින් එම සතුට සැමරීම සඳහා මෙලෙස පෙළපාළි ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ නීති කඩන අවිචාර යුගය එළඹුනා.
දිනුම සාමකාමීව භුක්ති විඳින්න. ගෝඨාභයට නැත්නම් සජිත්ට දුන්නත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.
නීතිගරුක පාලනේ....දැන්ම නීති කඩනවා.