( විජේරත්න රත්නායක )
පස්සර දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් අද (04) දහවල් පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
එම විද්‍යාල භූමියේ ගසක පිහිටි බඹර කූඩුවක බඹරු ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර විද්‍යාලයේ 6 හා 7 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd