(බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය හෝකන්දර රත්න කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක ඇතුළු උපාංග සොරකම් කළ එම විද්‍යාලයේම උසස් පෙළ සිසුවකු ඇතුළු තරුණයින් තිදෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම වසරේ අවස්ථා තුනකදී මෙලෙස පරිගණක සොරකම සිදු කර ඇති අතර පළමු අවස්ථාවේදී පරිගණක විද්‍යාගාරයෙහි සිවිලිම කඩා ඇතුළු වී පරිගණක තුනක් ද දෙවන අවස්ථාවේදී කවුළුවක දැල් ගලවා සහ තෙවන අවස්ථාවේදී දොර කඩා එම විද්‍යාගාරයෙහි තිබූ පරිගණක 15 ක් සහ පරිගණක උපාංග කොටස් සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක සොරකම් කර ඇති බවට ලද පැමිණිලි මත විමර්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතරතුර හෝකන්දර විද්‍යාල හන්දියෙහි උඩු මහලක පරිගණක කි‍්‍රඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා කටයුතු කරමින් සිටින තරුණයින් කිහිපදෙනෙකු පිළිබඳ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් අලවත්ත මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාල තරුණයින් තිදෙනා සැකපිට අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකාර තරුණයින් පරිගණක කි‍්‍රඩා මධ්‍යස්තානයක් ආරම්භ කිරීම සදහා මෙම සොරකම් සිදු කල බවත් සොරාගත් පරිගණක නිවෙස්වල සගවා තබා ගෙන සිටි බවත් පරිගණක විද්‍යාලයට සොරෙන් ඇතුළු වී විනාඩි විස්සක පමණ කාළයක් තුල පරිගණක හයක් කොටස් කර එම කැබැලි වශයෙන් ගෙනගොස් නිවසේදී පරිගණකය සම්පූර්ණ කිරීමට කටයුතු බව සැකකරුවන් පාපොච්චාරණය කළ බවද අතුරුගිරිය පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
673
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසලේ පරිගණක සොරාගත් සිසුවකු ඇතුළු 3ක් අත්අඩංගුවට
සමන්මල් Friday, 22 December 2017 09:21 AM
පව්, වැඩිදුර හිතන්නේ නැතිව කරන්න ඇත්තේ. මේ දරුවන් හරිමගට යොමු කරමු. ජීවිත විනාශ නොකරමු.
Nimmu Tuesday, 09 January 2018 07:50 AM
මේ ලමින්ට පරිගණක ගන්න සල්ලි වියදම් කරන්න බැරි තරම් දුප්පත් නම් එක හොයල බලල කවුරු හරි උදව් කරනම් හොරකම් වලට නොයවී..................