IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


‘පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිමේ සංස්කෘතියක් රටේ නෑ’


 
චමිල් රූපසිංහ
 
පාසල් දරුවන් ක්‍රීඩාව සදහා යොමු කිරිමට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් රටේ නොමැති බවත් තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේදී පාසල් දරුවෙක් එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යෙන් කළ යුතු බවට චක්‍ර ලේඛන පවා ගෙන ආ බවත් මේ වන විට ඒ දේවල් ක්‍රියාත්මක නොවීම නිසා පාසල් දරුවන් ක්‍රීඩාව සඳහා යොමුවීම නැවතී ඇති බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


මන්ත්‍රීවරයා මෙසේ පැවසුයේ පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ බොක්සින් තරග සඳහා ජාත්‍යන්තර තරග නියෝජනය දක්වා දස්කම් පෑම බර ඉසිලිම් සඳහා වු වෙනුවෙන් හා වොලිබෝල් කාන්තා කණ්ඩායම සමස්ත ලංකා තරග ජයග්‍රහණයන් ලබා ගැනීම වෙනුවෙන් ධීරානන්ද විද්‍යාලයේ දී අද (13) පැවති පිළිගැනීමේ උත්සවයේ දී ය.


එහිදී අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ කීය.


ලෝකයේ බොහෝ රටවල ක්‍රීඩාවෙන් බොහෝ ප්‍රයෝජන ගන්නවා. ක්‍රීඩාවෙන් රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන්න පුළුවන්. රටට ක්‍රීඩා ආර්ථිකයක් හදන්න පුළුවන්. ක්‍රීඩාව තුළින් දැන් ලෝක පාපන්දු ක්‍රීඩාව යනවා. මේ ක්‍රීඩකයෙක්ගේ මාසික ආදයම ලක්ෂ 500 ට වැඩියි. අපේ රටෙත් ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයෙක්ගේ මාසික ආදයම ලක්ෂ 100 ට වැඩියි. ඒ නිසා ක්‍රීඩාවෙන් නිරෝගී දරුවෙක් බිහිවෙනවා වගේම ක්‍රීඩාවෙන් එහාට ගොඩාක් දේ කරන්න පුළුවන් බවද මන්ත්‍රීවරයා කීය.


අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදලා පාසල් දරුවන් ඒවාට යොමු කරන්න ඕනෑ. රජයක් වුණාම රටේ ආර්ථිකයට දායක වෙන්න රටේ ක්‍රීඩා ආර්ථිකයක් හදන්න ඕනෑ. රටේ සංචාරක ක්‍රීඩා ක්‍රමයක් හදන්න ඕන එහෙමයි. දියුණු වෙන රටවල් කරන්නේ නමුත් අපේ රටේ අවාසනාවට එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැති නිසා අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් නැති නිසා අපේ රටේ දරුවන් ක්‍රීඩාවට යොමු නොවන බවද මන්ත්‍රීවරයා එහිදී කීය.



අදහස් (0)

‘පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිමේ සංස්කෘතියක් රටේ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 157 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1092 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site