IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පාසල් දරුවන්ට පෝෂණිය ආහාරවේලක් ලබා දෙන්නයි ලිපියක්



(බිඟුන් මේනක ගමගේ )

පාසල් දරුවන්ට පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට බලකරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ලෝක ළමා දිනය යෙදුණු අද (1) එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ලිපියක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් අතිබහුතරයක පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් දරුවන්ට නොලැබෙන්නේ යැයි ද රජය ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අසමත් වීම ඊට හේතුව යැයි ද එහි සභාපති අසේල සම්පත් මහතාගේ අස්සනින් යුතුව කොළඹ රාජකීය මාවතේ පිහිටි එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ කොළඹ කාර්යාලයට නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යට වඩා ආපන ශාලාවලින් ලැබෙන ආදායම ගැන රජය උනන්දු වීම කනගාටුවට කරුණක් යැයි ද එනිසා කායික හා මානසික වශයෙන් අස්ථාවර සමාජයක් බිහි වී ජාතික ආර්ථිකය විනාශමුඛයට පත්ව ඇතැයි ද එහි සඳහන් වේ.

රජයේ අනවධානය නිසා කෘතිම හා ක්ෂණික ආහාර වර්ග අනුභව කිරීමට පාසල් දරුවන් පෙළඹී ඇතැයි ද ස්ථුලතාවයෙන්, විටමින ඌණතාවයෙන් හා අක්ෂි ආබාධවලින් පෙළෙන පරපුරක් බිහිව ඇත්තේ එහි ප්‍රතිපලයක් වශයෙන් යැයි ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සිය නිවේදනයෙන් පවසයි.

ආපනශාලා හිමියන්ට නවීන පුහුණුවක් හා දැනුමක් ලබා දීම මෙම තත්ත්වය මත අතවශ්‍ය නමුත් රජය සාම්ප්‍රදායික විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන විනා මෙවැනි මූලික කාරණා ගැන අවධානය යොමු නොකරන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ. 

පැණි බීමවල සීනි ප්‍රතිශතය අඩු කිරීමට කටයුතු කරන අතරේ බදු පැනවීම නිසා නිෂ්පාදනයන්හි මිල වැඩිකිරීමට සිදු වී යැයි ද පරිභෝජනය පහළ වැටුණේ එහි ප්‍රතිපලයක් වශයෙන් යැයි ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (0)

පාසල් දරුවන්ට පෝෂණිය ආහාරවේලක් ලබා දෙන්නයි ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site