
(ටෝනි කරුණානායක)
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ පිස්තෝලයක් සහ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ සමරදිවාකර මහතා අද (08) නියම කළේය.
මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි ඒ.ඒ.ඉන්ද්‍රතිස්ස නැමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .
සැකකරු මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ නිවසකින් කාමරයක් කුලි පදනම මත ලබා ගෙන
එම කාමරයේ රැඳී සිටියදි අත්අඩංගුවට ගත් බවත් සැකකරු එම කාමරය තුළ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ එම අවියට යොදන බෝර 12 වර්ගයේ පතුරම් 07 ක් සහ ටී 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 03 ක් සොයා ගත් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
අත්අඩංගුවට පත් එම ගිනි අවිය යොදා ගෙන සැකකරු අපරාධ සිදු කර ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළ අතර පරීක්ෂණ අවසන් නොමැති බව ද පැවසීය.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
840
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිස්තෝලයක් - ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තිබූ අයෙක් රිමාන්ඩ්