IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව පිළිගැනීමට නොහැකියි‘‘

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වූ රාවුෆ් හකීම්  ඇමැතිවරයා පිළිබඳ පසුගියදා අනාවරණය වූ තොරතුරු අනුව එම වාර්තාව අපක්ෂපාතී සාධාරණ වාර්තාවක් ලෙස පිළිගැනීමට නොහැකි යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා  නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා එම කමිටුවේ සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට පැවසූ අවස්ථාවේදී නැගි සිටි ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් වූ රාවුෆ් කහීම් ඇමතිතුමා සහරාන් හමුවීම හා ඒ සිද්ධීන් වලට සම්බන්ධ අය හමුවීම සිදුවී තිබෙන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත් වුණා.

ඒ ප්‍රකාශය සමඟ මෙම කාරක සභාවේ පරීක්ෂණයට එතුමා පෙනී සිටිම අපක්ෂපාතී පරීක්ෂණයකට තුඩු දෙන්නේ නැති බව හෘර්ද සාක්ෂිය අනුව හකීම් ඇමතිතුමා පිළිගන්නවා ඇති.

මේක එම ඇමතිතුමාගේ ප්‍රකාශයක් පමණක් නොව මුළු පාර්ලිමේන්තුවම පත් කළ පරික්ෂණ කමිටුවට ප්‍රශ්නයක් මෙම කහමිටුවට එම ඇමතිතුමා පත් කිරීම එම පරීක්ෂණ කමිටුවේ අපක්ෂපාතී බවට බලපානවා එතුමාගේ එම සම්බන්ධකම් සැකයට භාජනය වෙනවා.

එම සැකයට භාජනය වන සම්බන්ධකම් ගැන කතානායකතුමා දැනුවත් කළේ නැහැ.කාදිනල් තුමා පවා මෙම පරීක්ෂණ කමිටුව පිළිගත නොහැකි බව කියා තිබුණා. එම නිසා එවැනි සමාජිකයෙක් සිටි මෙම කමිටුවේ වාර්තාව පිළිගන්නේ කෙසේද

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

කතානායකතුමා විශේෂ කාරක සභා පත් කරන කොට එදා කවුරුත් විරුද්ධ වුණේ නෑ තර්ක ඉදිරිපත් කළේ නෑ.

ඇමති රාවුෆ් හකීම් මහතා

ඉතාම සැලසුම් සහිතව මට විරුද්ධව ගෙන යන මේ මඩ ප්‍රචාරය ගැන මට පැහැදිලි කිරීමක් ඉංග්‍රීසි භාෂාවෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ අය අහම්බෙන් අහුලා ගත්ත වීඩියෝ පටයක් නැත්නම් ඡායාරූපයක් තියාගෙන මම ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තිබුණා කියලා මවන කතාව පිළිබඳ කණගාටු වෙනවා.

හිරු නාලිකාවේ මට විරුද්ධව අසත්‍ය ප්‍රචාරක් ගෙන යනවා.සයින්දමර්දු වලට ගොස් මම එහි බෝම්බකරුවෙක් රෝහලේදී හමුවුණා කියලා පෙන්වන ඡායාරූපයේ සිටින තවත් කෙනෙක් පිළිබඳ මා පෙන්වන්නම්.මට දැන් මඩ ගහන මුස්ලිම් මවුලවිවරු මොන වගේ නායකයෝ ඇසුරු කරනවාද කියලා පෙන්වන ඡායාරූපත් මා ළඟ තිබෙනවා.

තේරීම් කාරක සභාවේ මා කටයුතු කළේ ඉතාම ස්වාධීනවයි කාටවත් මා බලපෑම් කළේ නැහැ.ඇත්ත තත්ත්වය සොයා ගැනීම සඳහා අප දැරූ වෑයම මුලු රටම දැක්කා.මේ වාර්තාව ඉතාම සමබරව ඉදිරිපත් කරලා තියෙන්නේ.

මෙම තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට පොදු විපක්ෂයේ සහ ශ්‍රීලනිපයේ තීරණයක් ගත්තා.එමගින් එහි විශ්වාසනීයත්වය පිළිබඳ කැළලක් ඇති කිරීමේ උත්සහයක් ඇති හිටපු අගවිනිසුරුවරියට විරුද්ධව තිබුණ තේරීම් කාරක සභාව ගැනත් එදා සිට විපක්ෂය විරුද්ධ වුණා.

මේ උත්සහ කරන්නේ මේ කාරක සභාවේ වාර්තාව ගැව විශ්වාසනාය භාවයේ කැළලක් ඇති කිරීමයි මම මේ සභාවේ අවුරුද් 25 ක කාලයක සිට සිටින මන්ත්‍රීවරයෙක්.මීට පෙර මට විරුද්ධව මෙවැනි චෝදනා එල්ල වී නැහැ.විපක්ෂයේ මන්ත්‍රීවරු පවා අපට විරුද්ධව ඇගිල්ලක් දික් කළේ නැහැ. අපි ඇමතිකම් වලින් අස්වෙද්දි ඔවුන් පවා අපෙන් ඇහුවා ඇයි අස්වෙන්නේ කියලා.පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙසේ කටයුතු කිරීම ගැන මා කණගාටු වෙනවා.

 



අදහස් (5)

‘‘පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව පිළිගැනීමට නොහැකියි‘‘

nalaka Thursday, 24 October 2019 03:06 AM

අපි අවංකව සිතුවේ නැහැ. හකීම් අන්තවාදීන් හා එක්ව ක්‍රියා කරලා ඇති කියලා. හැබැයි බදුර්දීන් බේරගන්න හකීම් මැදිහත් වෙනකොට අපිට පොඩි සැකයක් ආවා.

:       0       12

ranaThursday, 24 October 2019 04:10 AM

ඔබට පොට වැරදුනාදෝ යැයි සිතෙනවා. නැවත සිතා බලන්න... කව්ද කාටද කියලා..?

:       0       2

thilak Thursday, 24 October 2019 03:18 AM

ඔබතුමා හැමදාම ලෙඩ අදින්න බලාගෙන හිටින්නේ , මැරෙන්න ඉස්සෙල්ල රටට දෙයක් කර පෙන්නන.

:       1       45

saman Thursday, 24 October 2019 03:36 AM

සහරාන්ට පඩි ගෙව්වේ කවුද දන්නේ නැහැනේ? ඌට කියලා වැඩේ කරවාගත්තේ... දැන් ඕක පිළිගන්න ඕනේ නැහැ. තමුන්ගේ ලොක්කා පඩි ගෙවපු ඒවත් මාට්ටුවෙයි ඔහොම යනකොට..

:       5       18

Chanak los angeles Thursday, 24 October 2019 03:54 AM

වයසට යන්න, යන්න තණ්හාව, ඊර්ෂ්‍යාව, කුහකකම වැඩිවෙනවා.

:       12       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site