
(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි සහ මස්කෙළිය- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
පතන නගරයේ පිහිටි නිවාස 2කට හා වතු වෘත්තීය සමිති කාර්යාලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට පස් කන්දක් අද (19) අලුයම් කාලයේ කඩා වැටීමෙන් එම ගොඩනැගිලිවලට හානි සිදුව ඇතැයි දිඹුල - පතන පොලීසිය පවසයි.
එම ගොඩනැගිලිවල පිටුපස ප්‍රදේශයට මෙසේ පස් කන්දක් කඩා වැටී හානි සිදුව ඇති අතර, මෙම අනතුරින් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැත.
දින කීපයක් පුරා ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර හානියට පත් නිවාස දෙකේ පදිංචි සිටි පවුල් දෙකකට අයත් 8ක් දැනට තාවකාලිකව ඔවුන්ගේ ඥාතී නිවාසයන්ගේ නවාතැන් ගෙන සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd