IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුවක්පිටිය විදුහලේ මව්පියෝ නිහඬ විරෝධතාවයක

(කේ බුද්ධික කුමාරසිරි)
 
අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනුයුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකුට සහ ගුරුවරයකුට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නියෝගයකට අනුව හදසියේම වෙනත් පාසල් සඳහා මාරුවීම් දීමෙන් තම දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි දෙමාපියෝ අද (9) විද්‍යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වූහ. 

ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සදහා ආරම්භ වූ ඉකුත් 6 වැනි දා ආරම්භ විය.

එම පාසලට අනුයුක්තව රාජකාරියේ සිටි මුස්ලිම් ජාතික ගුරුවරුන් සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙන සේ ඇදුම් හැඳ පාසලට පැමිණීම සම්බන්ධයෙන් එලෙස ඇදුම් ඇඳීමෙන් වැළකී ආරක්ෂක අංශවලට  පහසු වන ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙද විදුහල්පති ගුරුවරුන්ට දැනුම් දීමක් කළ ද ඔවුන් එය ප‍්‍රතික්ෂේප කර ඇති බවද එම දෙමාපියෝ කියති.

පසුව ඉකුත් 7 වැනි දා අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන්, දෙමාපියන්, ආරක්ෂක කමිටුවල නිලධාරීන් පාසලේ ප‍්‍රධාන ගේට්ටුව අසලදී විදුහල්පති ප‍්‍රමුඛ ගුරුවරුන් හා සිසුන්ව ද පරීක්ෂා කිරීමෙන් පසු පාසල තුළට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් ඔවූහු පවසති.

එහෙත් එදින පාසලට පැමිණි මුස්ලිම් ජාතික ගුරුවරුන් 13 දෙනා පරීක්ෂා කිරීම සදහා අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් නිලධාරීයන් හෝ පාසලේ කිසිවෙකුට අවස්ථාව ලබා නොදීමෙන් ගුරුවරුන්ට පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කර තිබේ. 

මෙම අවස්ථාවේ හැටියට ආරක්ෂක කටයුතු සඳහා පහසුවක් වෙන ආකාරයෙන් ඇඳුමක් පැළඳ පාසලේ ඉගෙන්වීම් කටයුතු සඳහා සහභාගී වෙන ලෙස ඉල්ලා සිටිය ද එම සියලුදෙනා පාසලට පැමිණීම ප‍්‍රතික්ෂේප කර පිටත්ව ගිය බවද විරෝධතායේ යෙදුණු දෙමාපියෝ පවසති.

පසුව අදාළ ගුරුවරුන් පිරිස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුණ ගැසී මේ පිළිබඳව දන්වා සිටිමෙන් පසු පැය කිහිපයක් ඇතුළත අදාළ ගුරුවරුන් 13 දෙනාම වෙනත් පාසල්වලට මාරු කර යවා ඇති බැවින් තම පාසලේ ඉගෙනුම ලබන 850 ක් වූ දරු පිරිස දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් මේ පිළිබඳව  අදාල බලධාරීන්ගේ අවධානය යොමු කර වහා තම දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ලබා දීමට පියවර ගන්නා ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.



අදහස් (0)

පුවක්පිටිය විදුහලේ මව්පියෝ නිහඬ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site