IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුවක්ගහවෙලට කඩාවැදුණු වන අලි කුඹුරු වනසති

(ප්‍රින්ස් රත්නායක)
 
ඉඹුල්පේ පුවක්ගහවෙල,  ඉලුක්කුඹුරගොඩ ගමට  වන අලි කඩාවැද, අස්වනු නෙළීමට ආසන්නව තිබූ කුඹුරුවලට හානි කර ඇති අතර සිය ජීවිත අවදානම් සහගත තත්වයක පවතින බව එම ගම්වැසියෝ පවසති.
 
එම අවස්ථාව නිරීක්ෂණයට එක් වු පුවක්ගහවෙල වසමේ ග්‍රාම නිලධාරී ධර්මකීර්ති ගුණරත්න මහතා පැවසුවේ, වගා කටයුතුවලින් ජීවත්වන මෙම ගමට කිහිප අවස්ථාවක දී ම  අලින්ගෙන් හානි සිදුවූ බවත් අලිවෙඩි ලබාදීමට කටයුතු කර තිබෙන බවත්ය.
 
ඒ.එම්. පුන්චි බණ්ඩා මහතා මෙසේ කීය.
 
“ඊයේ රෑ දොළහේ ඉඳලා ඇහැරගෙනහිටියේ. පාන්දර 4ට පමණ අලියා කුඹුරට බැස්සා. අලි වෙඩිල්ලක් පතුකරලා දැම්මා. අවුරුදු 20 ක් පුරා හදපු  වගාබිම විනාසයි.  පීදෙන පොල්ගස් 20 ක් විනාශ වුණා. අවුරුද්දක් වෙන් පොල් පැළ 33ක් විනාශ වුණා. මේ මාසෙට අලි ආපු හයවෙනි වතාව.  අලිවැට ගහලා ජීවිතත් බව භෝගත් රැකදෙන්න කියලා ඉල්ලනවා.
 
සංජීව බෝධිරත්න මාසයකට කලින් මෙහෙට අලි ආවා. වනජීවී එකට කිව්වා. ඒ අය ඇවිත් බලලා ගියා. සතියකින් පන්නනවා කිව්වට ඒ දේ සිද්ධවුණේ නෑ. මේ මාසෙ ඇතුළත හතර පස්වතාවක් ම ගමට අලි ආවා. ඇවිත් විනාශ කරල යනවා. ඊයෙ බිත්තියක් පෙරළලා ගියා. කුඹුරක් විනාශ කළා. වනජීවී එකෙන් කරන්නේ අලි වෙඩි දෙකතුනක් දීල  ගහන්න කියනවා. මෙහෙන් ගහපුවාම මුදුන්වෙලට යනවා. එහෙන් ගහපුවාම කොස්ගමට එනවා. කොස්ගමින් ගහපුවාම මෙහෙට එනවා. ස්ථිර පිළියමක් නෑ. අලිවැටක් ගහල එන්න බැරිවෙන්න හදන්න ඕනැ. ගම්මුන්ගෙ මෙහෙම ගියොත් ජීවිත අහිමිවෙයි” යැයිද කීය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා මෙසේ කීය.
 
“අදත් මම අලිවෙඩි නිකුත් කළා. වසර දෙකකට පෙර අලිවැටක් සකස් කර තිබෙනවා. වනජීවී එකෙන්. සිවිල් ආරක්ෂක  නිලධාරින් යොදවා තිබෙනවා. කුඹල්ගම මුරකුටියක් තිබෙනවා. පසුගියදා සියලු පාර්ශව එක්කර සාකච්ඡාවක් තිබුණා. වනජීවීයට ලිඛිතව දැනුම්දී තිබෙනවා අලි මෙහෙයුමක් කර ඉතිරි අලිවැට සම්පූර්ණ කරන්න. ඔවුන්ගේත්  සේවක ගැටලු මතුවතිබෙනවා. මෙයට ස්ථිර විසඳුමක් ලැබිය යුතුයි. දිගටම අලිවෙඩි ලබාදීම සිදුකරන නමුත් ස්ථිර පිළියමක් අවශ්‍ය‍යි. ඒ සම්බන්ධව දිස්ත්‍රික් සම්බන්ධීකර්ණ කමිටුවේ දීද යොමුකර තිබෙනවා”යී පැවසීය.



අදහස් (0)

පුවක්ගහවෙලට කඩාවැදුණු වන අලි කුඹුරු වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site