IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොල් ගෙඩි 07ක් සොරකම් කළැයි වසර 10ක අත්හිටවු සිරදඬුවම්

 

(අප්සරා යෝසිත් විජේසූරිය)

ගෙවත්තකට  ඇතුල්වී කාන්තාවකට පහරදී පොල්ගෙඩි  07ක්  පැහැරගෙන සන්තකයේ  තබාගත්තේ යැයි  වරඳ පිළිගත් පුද්ගලයෙකුට එරෙහිව ගොනුකර තිබූ පළමු  හා චෝදනා සඳහා වෙන්  වශයෙන් මාස තුන බැගින් බරපතල වැඩ සහිත වසර දහයකට අත්හිටවූ සිර දඩුවම් ලබා දිමට රත්නපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා නියෝග කළේය.  

එමෙන්ම ඔහු සිදුකළ අලාභය වෙනුවෙන්  වන්දි වශයෙන් රුපියල්  1700 ක් එම ගෙවත්තේ හිමිකාර කාන්තාව වෙත ගෙවීමටත් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ අලාභ වන්දි මුදල් ගෙවීමට සිදුවුයේ රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්. ධනුෂ්ක නම් පුද්ගලයකුටය.

මේ පිළිබඳව රත්නපුර පොලිසිය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් පාලිත මහතා විසින් රත්නපුර ඇලපාත පාර,  කොටාමුල්ල ප‍්‍රදේශයේ ගෙවත්තකට අයුතු ඇතුල්වීම සහ පොල්ගෙඩි 7ක් සොරකම් කිරීම සහ ළඟතබාගැනීම යන චෝදනා මත මෙසේ අධිකරණයදී වරද පිළිගත් පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

වරද පිළිගත් පුද්ගලයා විසින් එම ගෙවත්ත හිමිකාර කාන්තාවට ගෙවනලද අලාභ වන්දි රුපියල් 1700 ක මුදල එම කාන්තාව විසින් පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් පුණ්‍ය ආයතනයක් වෙත යොමුකර පරිත්‍යාග කරන මෙන්ද මහේස්ත‍්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

පොල් ගෙඩි 07ක් සොරකම් කළැයි වසර 10ක අත්හිටවු සිරදඬුවම්

himal Friday, 09 March 2018 05:41 AM

මෙතන සිර දඬුවම මාස තුනයි. දඩයත් එක්ක දඬුවම ලැබෙන්නේ හොරකම් කිරීම, ළඟ තබා ගැනීම හා අනවසර පිවිසුම කියන පදනම මත. එහෙම නැතුව පොල් ගෙඩි හොරකම් කරා කියලා වසර 10කට හිරේ යන තීන්දුවක් නෙවෙයි දීල තියෙන්නේ.

:       0       6

කපිල Friday, 09 March 2018 03:40 PM

එතකොට බැඳුම්කරේ හොරකමට දඬුවම?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site