(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජගිරියේදී යතුරුපැදියක හැපීමෙන්  බරපතල තුවාල සිදු කළැයි අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අලුත්කඩේ අංක 7 රථ වාහන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ රාජගිරිය ඔබේසේකරපුර පළවෙනි පටුමග පදිංචි පසිදු චන්දන ද සිල්වා නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

අනතුරින් තුවාල ලද පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.