IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයාගනී

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියෙකුට පහරදී සැකකරුවන් පලාගිය බවට සැකකරන මෝටර් රථයක් රත්නපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයෙකු සඳහා වෙන්කර ඇති නිල නිවසේ ගරාජයක තිබී අද (30) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පැවසීය.
 
රත්නපුර මුවගම පිහිටි එම නිල නිවසේ ගරාජය තුළ මෝටර් රථය දමා ඇතුළු පැත්තෙන් අගුල්ලා තිබූ බවද පොලිසිය පැවසීය.
 
රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියෙකුට තිදෙනෙකු විසින් මීට දින කිහිපයකට පෙර පහරදී පලාගොස් තිබුණේ මෝටර් රථයකිනි.
 
පලාගිය මෝටර් රථය සහ පහරදුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව මෙම නිල නිවස පොලිසිය සෝදිසි කළ අවස්ථාවේ එහි ගරාජය තුළ සැකකටයුතු මෝටර් රථය තිබී සොයාගෙන තිබේ.
 
රත්නපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් නැවතී සිටින්නේ මෙම නිල නිවසේ බව පොලිසිය පැවසීය. මෙම මෝටර් රථය ඔහුගේ නිල නිවසේ තිබී හමුවුවද පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා සම්බන්‍ධයක් නැති බව ද පොලිසිය සඳහන් කළේය.
 
පෞද්ගලික මූල්‍ය සමාගමක කළමනාකාරවරයෙකුට එම මෝටර් රථය අයත් බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය කීය.
 
පොලිස් නිලධාරියාට පහරදීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයෙන් පලාගොස් අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිල නිවසේ ගරාජයේ දමන්නට ඇති බවද පොලිසිය සැකකරයි.
 
මෙම සිද්ධියෙන් පහර කෑ පොලිස් නිලධාරියා රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
 
අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන වාහනයේ නියම අයිතිකරු දැනගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කරන බවද පොලීසිය පැවසීය.



අදහස් (1)

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයාගනී

විමන්සා Wednesday, 06 November 2019 01:20 PM

රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා රාජ්‍ය සේවය අපකීර්තියට පත්කර ඇතිබව පැහැදිලිව පෙනේ. ඔහුට ආයතන සංග්‍රහය වලංගු නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site