IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


පොලිස් නිලධාරියකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ බෙරගල නගරයේදී පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු  මස පස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බෙරගල පදිංචි අම්ඹනායගම් මුරලි නමැති පුද්ගලයෙකි.

හල්දුම්මුල්ල පොලීසියට අනියුක්තව  පොලිස් රථවාහන අංශයේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර ඔහු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන්  ප්‍රතිකාර ලබාගෙන තිබේ.  

ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී මෙම පොලිස් නිලධාරියා පහර කෑමට ලක් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

බණ්ඩාරවල පොලිස් අධිකාරී අතුල   ද සිල්වා  මහතාගේ උපදෙස් ඇතිව සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහතාගේ මෙහෙයවීම යටතේ හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

පොලිස් නිලධාරියකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 243 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 296 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site