( දිනේෂ් උපේන්ද්‍ර )
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගොස් සැඟව සිටයදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු මේ මස 24 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය නියම කළාය.
එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ හෙට්ටිපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහොමඞ් නැමැත්තෙකි.
කුලියාපිටිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයට අනුයුක්තව රාජකාරියකට ගොස් එමින් සිටටිදී නිලධාරීන් දෙදෙනෙකු කුලියාපිටිය ඇපලදෙනිය ප‍්‍රදේශයේදී සැකකරු විසින් පැදවූ කැබ් රියේ ගැටී ඇදවැටී මීටර 35ක පමණ දුරන් මාර්ගයේ ඇදීගොස් තිබූ බව මූලික පොලිස් පරීක්‍ෂණවලින් හෙළිව තිබූ බව එහිදී පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
එහෙත් තම සේවාදායකයා එවන් අනතුරක් පිළිබදව කිසිදු දැනීමක් හෝ නොමැති බවත් වාහනයේද ගැටුන සලකුණක් නොමැති බවත් කී සැකකරුගේ නීතිඥ මහතා කෙසේ නමුත් වින්ධිත පාර්ශවයට වන්දි මුදලක් ලබාදීමට එකගත්වයක් ඇතැයි කීය.
බරපතල තුවාල සහිතව මේ වනවිටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන පොලිස් නිලධාරීහු අනතුර වූ ස්ථානයේදී වැටී සිට හප්පා පලාගිය වාහනය පෙන්වා ඇති අතර ඒ අවස්ථාවේ සිවිල් පුරවැසියෙකු වාහනය ලුහුබැඳ අංකය සටහන් කරතිබූ බවත් ඒ අනුව ලියාපදිංචිය සහිත කුරුණෑගල ප‍්‍රදේශයේ සැකකරු සොයා විමර්ශනය කර දැඩි පරිශ‍්‍රමයක් දරා හෙට්ටිපොල ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වමින් සැකකරු වෙනුවෙන් ඇප ලබාදීමට විරෝධය පළ කළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලා ගිය අයෙක් රිමාන්ඩ්