(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල නගරයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී කලහකාරී ලෙස හැසිරුණු බව කියන පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
බේරුවල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බෙන්තර සිට කලුතර දෙසට පැමිණි ත්‍රී රෝද රථයක් නවතා රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට බලපත්‍ර ඉල්ලා රථය පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී එහි සිටි පිය පුතු දෙදෙනා ඔවුන්ට බැණ වැදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා කලුතර පදිංචි අවුරුදු 24 හා 52 හි පසුවන්නන් බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ජාතියට හෝ සුළු ජාතියට විශේෂ ලෙස නිතිය ක්‍රියාත්මක වීම වාර්ගික ගැටුමකට නැවත අත වනයි.