(ඩී.ජී.සුගතපාල)
පොලිස් ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී ගිනි අවිද රැගෙන පැමිණි පිරිසක් රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගිය බවට ඔවුන්ගේ ඥාතින් විසින් පැමිණිලි කර ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මෙම එක් පුද්ගලයකු රත්ගම නගරයේ කුකුළු මස් වෙළඳසලක් පවත්වා ගෙන යන අතර බිරිඳ වෙළඳසැළ තුළ සිටියදී ඔහු වෙළඳසළට මස් ගෙන යාම සඳහා රත්නඋදාගම පිහිටි නිවසට පැමිණ ඇත.
එසේ පැමිණ යාබද නිවසේ පදිංචි මිතුරෙකු සමඟ කතා කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් සහ නිල් පැහැති වෑන් රථයකින් පැමිණ ඇති පිරිසක් එම දෙදෙනා පැහැරගෙන ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩමානයක් නැහැ කප්පම් කාරයෝ වෙන්ට ඇති.