(රංජිත් රාජපක්ෂ)
පැමිණිල්ලක් සඳහා ගිනිගත්හේන පොලිසියට ගිය දෙදරු පියෙකුට ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පහරදුන්නේ යැයි පවසමින් පහරකෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුළු වී තිබේ.
මෙසේ තුවා ලබා ඇත්තේ ගින්ගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචි චින්තක ඩිලාන් නැමති දෙදරු පියෙකි.
අද (30) සිය සහෝදරියට එරෙහිව තිබු පැමිණල්ලක් විභාග කිරීමට ගිනිගත්හේන පොලිසිය මගින් පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් මත සහෝදරියගේ තනියට තමන් ගිය බවත්, එහිදී සහෝදරියට සහයෝගය දක්වා කතාකිරීමේදි තමන්ට රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකු පොලිස් ස්ථානය තුළදී පහර දුන් බවත්, පහර කැමෙන් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන චින්තක ඩිලාන් මහතා පවසයි.
පොලිසිය විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන රථ වාහන අංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ කිසිදු පොලිස් නිලධාරියෙකු අදාළ පුද්ගලයාට පහර නොදුන් බවයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිසිය පහර දුන්නැයි දෙදරු පියා රෝහලේ