(රෝහණ සමරවීර)
කහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් තරුණයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියමින් රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ කෙටේතැන්න ප‍්‍රදේශයේ අද (30) නීලගම ප‍්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවයේ නිරත වූහ.
කහවත්ත නීලගම පට්ටියදෙනිය ප‍්‍රදේශයේ ජීවත්වූ අසරණ පවුලකට ප‍්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් කහවත්ත වතු සමාගමට අයත් මාර්ගයක් අසළ කටුමැටි පැලක් ඉදිකර දීමට කටයුතු කළ බව විරෝධතාකරුවෝ එහිදී පැවැසුහ.
කහවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (29) ඔවුන්ට පහරදී ඇත. තුවාල ලැබූ තරුණයකු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔවුහු කීහ.
එම ස්ථානයට පැමිනි රත්නපුර දිස්ත‍්‍රික් සහකාර පොලිස් අධිකාරි ටී. ඒ. එච්. නිශ්ශංක මහතා එම පිරිස අමතා ප‍්‍රකාශ කළේ මාර්ගය අවහිර නොකරන ලෙසත් යම් පහරදීමක් සිදු වී ඇත්නම් වහා පරීක්‍ෂණයක් පවත්වා සාධාරණයක් ඉටු කරන බවත්ය. ඒ අනුව එම විරෝධතාකරුවෝ විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ කියන්නේ මේ රජයේ බලගතු ඇමතිතුමියක් ඒළඟම සිටිත්දී දිස්ත්‍රික්කයට කිසිම වැඩක් නැතත් ගමටවත් වැඩක්කරල නැහැ කියල.