(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)

මීගමුව කට්ටුව ප්‍රදේශයේ පිහිටි ප්ලාස්ටික් කර්මාන්තශාලාවක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු අද 29 උදෑසන විරෝධතාවයක නිරතවූහ. ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් ඊට සහභාගී විය.

එම ගම්වාසීන් සඳහන් කරනුයේ මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය සහ දැඩි දුගඳ සහ අධික ශබ්දය නිසා සෞඛ්‍යමය ගැටලු රැසක් මේ වන විට මතුව ඇතිබවයි.