IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිලියන්දල හෝටල් හිමිකරුගේ ඝාතනයට සැක 2 ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පිලියන්දල කැස්බෑව ගුරු ගම්මාන පාරේ  පිහිටි හෝටල් හිමිකරුවකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ   පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් සිටියේ පිළියන්දල ගුරු ගම්මාන පාරේ පිහිටි  හෝටලයක හිමිකරුවකු වන 51 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි

මෙම පුද්ගලයා ඉකුත්  7 වැනිදා අළුයම එම හෝටලය තුළදීම අභිරහස් ලෙස ඝාතනය කර තිබූ අතර එම අවස්ථාවේ දී මියගිය හෝටල් හිමිකරුගේ  බිරිඳ සහ දරු දෙදෙනා හෝටලයේ සිට ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි.

සිද්ධියෙන් මද වේලාවකට පසුව   මියගිය පුද්ගලයාගේ බිරිඳ හෝටලයේ සේවකයන්ට මේ බව දන්වා පොලිසිය දැනුවත් කර තිබූ බව පොලිසිය පවසයි.

පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය  කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ අතර එහිදී මොට ආයුධයකින් හිසට පහරදී ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිසිය පවසයි.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 30 දෙනෙකුගෙන්  කර තිබූ ප්‍රශ්න කිරීම්වලින් හා හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ ලද  තොරතුරුවලට අනුව සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන එක් සැකකරුවකු මීට දින පහකට පමණ පෙර අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පැවසෙන පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මින් එක් සැකකරුවකු  මීට පෙර එම හෝටලයේම සේවය කළ අයෙකු බවත් ඔහු ගිරිතලේ  ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පැවසීය.


 

 



අදහස් (0)

පිලියන්දල හෝටල් හිමිකරුගේ ඝාතනයට සැක 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site