IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිතීන් භාවිතය අවම කරන්නැයි තලවිල එන බැතිමතුන්ගෙන් ඉල්ලයි

(ජුඩ් සමන්ත)
 පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ සහ හලාවත මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍යයන් වලට සහභාගී වන බැතිමතුන්ගෙන් තමන් ඉල්ලීමක් කරන්නේ යැයි පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසීය.

පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දිසා ලේකම්වරයා මේ බව කියා සිටියේය.
මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසා ලේකම්වරයා මෙසේද පැවසීය.

තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ සහ හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය සමය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම මංගල්‍යයන් සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වන බව අපි දන්නවා.
මෙම පුජනීය ස්ථාන වලට පැමිනෙණ විට පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වාගේම යම් ආකාරයකට පොලිතින් හෝ ප්ලාටික් භාජන රැගෙන එන්නේ නම් ඒවා ආපසු රැගෙන යාමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කරන්න කැමතියි.ආපසු රැගෙන නොයන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමක් කිරීම තුළින් පරිසරය ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව තිබෙනවා.

මෙම අවස්ථාවට මුන්නේෂ්වරම දේවාලයේ සිව ක්‍රිෂ්ණ  අයියර් පුජක තුමන්ද, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක,මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම සහකාර අධ්‍යක්ෂක එන්.ඩී.කේ.දිසානායක යන මහත්වරුන්ද සහභාගි විය. 

 



අදහස් (0)

පොලිතීන් භාවිතය අවම කරන්නැයි තලවිල එන බැතිමතුන්ගෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 45 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site