IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පලාගල පුරාවස්තු විනාශ කිරිම ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

 

(විනීතා එම් ගමගේ)
 
පලාගල, මහහුරුල්ලෑව පුරාවිද්‍යා ස්මාරකය ඩෝසර් කිරීමේ සිද්ධිය පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස පුරා විද්‍යා නිලධාරින්ට උපදෙස් දුන් බව ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (11) පැවැසීය.
 

එම පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයයේ පරික්ෂණයක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් එහි යැවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම්ක කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහ හුරුල්ලෑව පුරාවිද්‍යා ස්මාරක භූමිය ඉකුත් 8 වැනිදා යම් පිරිසක් විසින් ඩෝසර් කර විනාශ කර තිබිණි.
ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර ඇති එම භූමියේ තිබු පැරණි ගල්කණු, සඳකඩ පහන ඇතුළු ඉපැරණි ස්මාරක හා ඉදිකිරීම් බොහොමයක් මෙහි දී විනාශ කර තිබු අතර ඒ පිළිබඳ ගත් පියවර කුමක් දැයි විමසීමේ දී වික්‍රමනායක මහතා මේ බව කියා සිටියේය.



අදහස් (1)

පලාගල පුරාවස්තු විනාශ කිරිම ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

Nimal ... Tuesday, 12 January 2021 03:37 AM

වාර්තා විතරක් වෙයිද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site