(මොහොමඩ් ආසික්)
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 6 බැගින් අද (26) උදේ වරුවේ සිට විවෘත කර ඇති බව ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලය කියයි.
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ.
මේ වන විට පොල්ගොල්ල ජලාශය වෙත තත්පරයකට ඝණ අඩි 6200 ක ජල ධාරිතාවක් ලැබෙන බවත්, එයින් ඝණ අඩි 5925 ක් වික්ටෝරියා ජලාශයට මහවැලි ගඟ හරහා මුදා හරින බවත්, පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.
මෙම ජල ප්‍රමාණය වැඩි විය හැකි බැවින්, පොල්ගොල්ල ජලාශයට පහළ කොටසේ ගඟ ආශ්‍රිතව ජීවත් වන පිරිසට සහ විවිධ අවශ්‍යතාවයන් සඳහා ගඟ භාවිතා කරන පිරිසට ඉතා අවධානයෙන් සිටින ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.



2025 ඔක්තෝබර් මස 08
1377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1276
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
464
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි