IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැරිස් බක්මහා අසිරිය

පැරිස් ධම්ම චක්ක විහාරයේ  සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත්  ලාකුරනව් ඩෙලානු  ක‍්‍රීඩාංගනයේ දි පැවැත්විණි. විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත‍්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් ද දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග‍්‍රහ වලින්  පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය .

කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමර කුමරියන් සදහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුහ. සංස්කෘතික ප‍්‍රසංගයක්ද විය .   

ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා,  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු  අමුත්තෝ  රැසක් සංස්කෘතික ප‍්‍රසංඟයේ අසුන් ගෙන සිටියෝය.

බක් මහ ආපන ශාලාවේ අවුරුදු කෑම සියල්ලම විකිණී අවසන් විය.

පැරිසියේ සරසවි රංග කලා ආයතනයේ සිසු දරුවන්ගේ නර්තනයෙන් සංස්කෘතික සංදර්ශනය ආලෝකමත් විය.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35

      



අදහස් (0)

පැරිස් බක්මහා අසිරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site