IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාරිසරික සංරක්ෂණයට පෝසටර් චිත්‍ර තරගයක්

(ඉන්දික අරුණ කුමාර)

පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් හා මහජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික පෝස්ටර් චිත‍්‍ර තරගයක් පවත්වයි. ඔක්තෝබර් මස දී පැවැත්වීමට නියමිත ජනාධිපති පරිසර උළෙලට සමගාමීව තරගාවලිය පැවැත්වීමට නියමිතය.පාසල් දරුවන් හා විවෘත වශයෙන් අංශ දෙකක් යටතේ තරගය පැවැත්වෙයි.

දිවයිනේ සියලූ පාසල් වලට මෙම තරගාවලියට සහභාගිවිය හැකි අතර බාහිර නිර්මාණකරුවන්ට විවෘත අංශය යටතේ සහභාගි විය හැකිය. පාසල් අංශයේ තරග 9 - 11 සහ 12 - 13 වශයෙන් පැවැත්වෙයි.විවෘත අංශය යටතේ දිවයිනේ  ඕනෑම තරගකරුවෙකුට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

පෝස්ටර් චිත‍්‍ර සඳහා දියසායම් හෝ පැස්ටල් මාධ්‍ය භාවිත කළ හැකිය. චිත‍්‍ර ඇඳිම සඳහා අඟල් 20 × 16 ප‍්‍රමාණයේ බ්‍රිස්ටල් බෝඩ් භාවිත කළ හැකිය. පළාත් හා ජාතික මට්ටමින් පළමු ,දෙවැනි හා තෙවැනි ස්ථාන තොරනු ලබයි.

තොරාගන්නා එම නිර්මාණ අතරින් ප‍්‍රශස්ත මට්ටමේ නිර්මාණ බණ්ඩාරනයක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී ප‍්‍රදර්ශනය කෙරේ. නිර්මාණ භාරගන්නා අවසන් දිනය මේ මස 30 වන දායින් අවසන් වෙයි.

නිර්මාණකරු පිළිබඳ සියලූ විස්තර නිර්මාණය පිටුපස සඳහන් කළ යුතුය. පාසල් නිර්මාණ පංතිභාර ගුරු මහත්මිය හෝ විදුහල්පතිවරයාගේ නිර්දේශ යටතේ ඉදිරිපත් කළ යුතුය.

නිර්මාණ බාහාලන ඇසුරුමේ වම්පස ‘‘ පාරිසරික පෝස්ටර් චිත‍්‍ර තරගය - 2017 ’’ යනුවෙන් සඳහන් කළ යුතුය. සියලූ නිර්මාණ මේ මස 30 වැනි දිනට පෙර පාරිසරික පෝස්ටර් චිත‍්‍ර තරගය - 2017, සභාපති , මධ්‍යම පරිසර අධිකාරිය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල. ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනැවිත් බාරදිය හැකිය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 - 2876642 දුරකථන අංකයෙන් හෝ  web address  වෙබි අඩවියෙන් ලබාගතහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි.

 

 



අදහස් (1)

පාරිසරික සංරක්ෂණයට පෝසටර් චිත්‍ර තරගයක්

Pvsp koondeniya. Thursday, 20 February 2020 11:30 PM

විස්තර ලබාදෙන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site