IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පුරාවිද්‍යා භූමියක කළ අනවසර ඉදිකිරීමක් තහනම් කෙරේ

(ක.ග කරුණාරත්න)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල අවසරයක් ලබා නොගෙන ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රාශියක් පිහිටා තිබෙන බිමෙක ඒ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක මෙහෙයවීම මත අනවසර ඉදිකිරීමක් සඳහා සිදුකළ කැණීමක් අද (17) තහනමට ලක් කළ බව පොලොන්නරුව පොලිසිය කියයි.

හෝටලය පිහිටා තිබෙන පරිශ්‍රයට ආසන්නයේ විදුලි ජනක යන්ත්‍රයක් තැන්පත් කර තැබීමට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මේ කැණීම සිදු කර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය ඒ ස්ථානයට ගොස් විමර්ශන සිදු කළ අවස්ථාවේ ඒ සඳහා නීත්‍යනුකූල අවසරයක් හෝ පුරාවිද්‍යා නිලධාරියෙකුගේ අධීක්ෂණයක් සිදු නොවීම නිසා එය තහනමට ලක්කළ බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගෙන් අප මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට දැනගන්නට ලැබී තිබෙන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා අවසරයක් ලබාදී තිබෙන නමුත් මෙය ඉදිකිරීමට සූදානම්ව එහි මූලික කටයුතු කරන අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව ප්‍රදේශය බාර සහකාර අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය සිදු නොවීම නිසා විමර්ශන කටයුතු සිදුකළ පොලිසිය එය තහනමට ලක්කර තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකරන බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.



අදහස් (0)

පුරාවිද්‍යා භූමියක කළ අනවසර ඉදිකිරීමක් තහනම් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 320 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2135 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site