IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොරොන්දු වු සහන නොදීමෙන් මොරගහකන්ද වැසියෝ අසීරුතාවක

(කාංචන කුමාර ආරියදාස)


මොරගහකන්ද ජලාශය සිය ගම්බිම් ඉඩකඩම් දේපළ ලබාදී නැවත පදිංචියට පැමිණි ජනතාවට පොරොන්දු වූ සහන ලබා නොදීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී.


රටේ සංවර්ධනයට සිය ගම්බිම් ගේදොර වතුපිටි පූජා කළ ජනතාවට සහන සලසන්නේ නැතිනම් එම ජනතාව සමග එක්ව අරගලයකට සූදානම් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් 07 දින පස්වරුවේ පැවසීය.


මොරගහකන්ද ජලාශයට ඉඩම් ලබාදී නැවත පදිංචි වූ ලග්ගල මාඔය ප්‍රදේශය පදිංචිකරුවන් ඒකරාශී කොට ඔවුන්ගෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුබද්ධ ගොවි සංවිධානයක් ස්ථාපිත  කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.


මොරගහකන්ද ජලාශය සදහා සිය ගම්බිම් ඉඩකඩම් පරිත්‍යාග කොට ලග්ගල  ප්‍රදේශයේ පදිංචියට පැමිණි ජනතාව මෙහිදී සඳහන් කර සිටියේ තමන්ට වගා කිරීමට ඉඩකඩම් ලබා දුන්නද මෙතෙක් වාරි ජලය නොලැබී ඇති බවත් පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මේ වන තෙක් ජල පහසුකම් ලබා නොදී බවුසර මගින් ඉතා සුළු ජල ප්‍රමාණයක් ලබා දීමෙන් සියලු ජල අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව ඇති බවය. 


එමෙන්ම ප්‍රවාහන පහසුකම් පාසල් උසස් අධ්‍යාපන පහසුකම් මෙන්ම වන්දි මුදල් නොලැබූ අය ද තවමත් ගම්මානයේ ජීවත් වන බවයි. 


ඔවුන්ට දැනට ලබාදෙන වියළි සලාක සහල් සහ හාල්මැස්සන් ආහාරයට වත් ගැනීමට නොහැකි ඒවා ලබා දෙන බව ද ජනතාව මෙහිදී සඳහන් කළහ.


එමෙන්ම මොරගහකන්ද ජලාශය නැරඹීමට දිවයිනේ විශාල වශයෙන් ජනතාව පැමිණෙන බවත් එහෙත් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වෙළඳාම් කටයුතු සිදු කිරීමට වත් ජලාශය ප්‍රදේශයට ගමන් කිරීම තහනම් කොට තිබෙන බව ද ගම්මුන් මහවැලි අධිකාරියට චෝදනා එල්ල කළහ.


රටේ සංවර්ධනය සඳහා සිය ගම්බිම් පරිත්‍යාග කොට අනාථයන් බවට පත්ව සිටින ජනතාව පිළිබඳව මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.


 එමෙන්ම  එම ජනතාව ඉදිරියේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම ජනතාව ගම්මානවල සිය දෛනික කටයුතු සිදුකර ගනිමින් ඉතා පහසුවෙන් සිටි ජනතාව  බවය.
 



අදහස් (0)

පොරොන්දු වු සහන නොදීමෙන් මොරගහකන්ද වැසියෝ අසීරුතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site