(විජේරත්න රත්නායක )
බදුල්ල මහ නගර සභා සීමාවට අයත් පහළවත්ත පින්නලන්ද ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ඉදිකිරීම සඳහා වෙන්කර තිබූ ඉඩමක් යම් පුද්ගලයෙක් විසින් දේශපාලන රැකවරණය මත බලෙන් අත්පත් කරගෙන සිටීමේ සිද්ධියක් පිළිබඳව විරෝධය දක්වා එම ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) බදුල්ල නගර ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
තම ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ග්‍රාම නිලධාරී කාර්යාලයක් , පෙරපාසලක් ඇතුළු පොදු ගොඩනැගිලි කිසිත් නොමැති අතර මෙම භූමිය එම අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර තිබූ බවත් ඒ සඳහා මේ වන විට මුදල් ප්‍රතිපාදන පවා වෙන්කර ගැනීමට කටයුතු කර ඇතත් එය එක් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත් පෙන්වාදුන් උද්ඝෝෂකයෝ මෙම ඉඩම නිරවුල් කොට නිදහස් කරදෙන ලෙස නගර සභාවෙන් ඉල්ලා සිටියහ.
මෙම උද්ඝෝෂණය අතරතුර ආරම්භ වූ බදුල්ල මහ නගර සභා මාසික රැස්වීමේදී මේ සම්බන්ධව ඉදිරිපත්වූ ක්ෂණික යෝජනා තුනක් සම්බන්ධයෙන් සභා මන්ත්‍රීවරුන් විසින් අදහස් දැක්වීමෙන් අනතුරුව අදාළ ඉඩම මැන නිරවුල් කොට ජනතාව වෙත වෙන්කර දියයුතු බවටත් ලබන වසර තුළදී අදාළ ප්‍රතිපාදන සපයාගෙන එහි ප්‍රජාශාලාව ඉදිකළ යුතු බවත් බදුල්ල මහ නගර සභාව ඒකමතිකව තීරණය කළේය.


2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රජාශාලාවට වෙන්කළ ඉඩම බලෙන් අල්ලා ගත්තාට එරෙහිව විරෝධතාවයක්