
(රොමේෂ් මධුෂංඛ)
යාපනය නගරයේ රෝහල් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් වෙළඳසැල් හිමිකරුවෝ ඊට විරෝධතා දැක්වූහ.
මෙම මාර්ගයට වාහන ඇතුල් වීමට නොහැකිවන ලෙසින් මාර්ගය වසා තැබීම නිසා එම මාර්ගයේ පිහිටි වෙළඳැසැල් 30 කට අධික ප්‍රමාණයකට දැඩි අසාධාරණයක් සිදු වන අතරම වෙළඳාම් කටයුතු වලට දැඩි සේ බාධා සිදුව ඇති බවට එහි වෙළෙන්දෝ කියති.
මේ පිළිබඳව යාපනය මහනගර සභාවේන් විමසූ විට පවසා ඇත්තේ අදාල මාර්ගයේ පිලිසකර කිරීමක් සඳහා තාවකාලිකව වසා දමා ඇති බවට වෙළෙන්ඳන්ට දැනුම් දුන් බවටය.
නමුත් වෙළෙන්ඳන් පවසා සිටින්නේ අදාල මාර්ගය තාවකාලිකව වසන බවට කිසිදු පෙරද දැනුම් දීමකින් තොරව එකවරම මෙසේ මාර්ගය වසා දැමීම හේතුවෙන් තමන්ගේ වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකි බවටත් තමන්ට එමගින් දැඩි ආර්ථික පාඩුවක්ද සිදුවී ඇති හෙයින් මාර්ගය යලි විවෘත්ත කිරීමට පියවර ගන්නා ලෙසට නගර සභාවෙන් පියවර ගත් යුතු බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd