දයාරත්න ඇඹෝගම
පහලොස් හැවිරිදි පෙම්වතිය සිය නිවසට ගෙනවිත් දුෂණය කළ පෙම්වතෙකු තේක්කවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
තලාවෙහි පැවති අමතර පන්තියකට සහභාගී වීමට පැමිණි අවස්ථාවලදී මොවුන් මුණ ගැසී හඳුනා ගෙනඇතැයි හෙළි වී ඇත.
සිය පියා සමඟ යතුරු පැදියෙන් තලාවට පැමිණ ඇති දැරියව තරුණයා සිය යතුරු පැදියේ නංවාගෙන සිය නිවසට රැගෙන ගොස් දුෂණය කර ඇති බව පොලිසිය පවසයි.
ඇයගේ දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ල මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද(06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd