IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පාපුවරුවෙන් වැටී තරුණයා මරුට

(කේෂර ගුණතිලක)

මොනරාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක පාපුවරුවෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල කුඹුක්කන 14 කණුව පන්සල අසල පදිංචිව සිටි ඥානප්‍රකාශ් නෙරංජන් (17) නැමති තරුණයෙකි.

මියගිය අය බස් රථයෙන් බැසීමට පාපුවරුවට පැමිණි අවස්ථාවේ බසයෙන් බිමට වැටීමෙන් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මහියංගනය ප්‍රදේශය පසු කරමින් යන විට මියගොස් ඇත.

මියගිය අයගේ මෘත දේහය මහියංගනය මූලික රෝහලට බාරදී තිබෙන අතර අද (26) මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

බස්රථයේ රියැදුරු මොනරාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පාපුවරුවෙන් වැටී තරුණයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 215 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 384 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site