(කාංචන කුමාර ආරියදාස)
ඓතිහාසික සීගිරි සහ පිදුරංගල ආසන්නයේ පිදුරංගල වෙළ ප්‍රදේශයේ ඉපැරණි ගල්කණු සහිත නටබුන් ඇති ස්ථානයක නිධන් ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු අද (4) සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට ඉහතදී සීගිරිය පව්වට කිලෝමීටර් 1 1/2 පමණ දුරින් රාම කැලේ ප්‍රදේශයේ ද සංවිධානාත්මක කණ්ඩායමක් අක්කර 10ක පමණ භූමියක් නිධන් හාරා විනාශ කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනකු සහ සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය සඳහා පැමිණ සිටි කඳාන ප්‍රදේශයේ පුද්ගලයකු බව සීගිරිය පොලිසිය කියයි.
සීගිරිය පව්වත් පිදුරංගල ඉතා ආසන්නයේ කුඹුරු යායක ඉපැරණි ගල්කණු මතුවී කාලයක සිට පැවත තිබේ. ඒ අනුව මෙම කණ්ඩායම මෙහි නිධානයක් ඇති බව පවසා මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයන් සතුව තිබූ අලවංගු උදලු පූජා භාණ්ඩ ආදී උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිදුරංගල නිධන් හැරූ 5 ක් අත්අඩංගුවට