IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෝද්දල නිවාස 8 සාමාජිකයන් නිරෝධායනයට

ඩි.ජි.සුගතපාල

වැලිසර නාවික හමුදා කඳවුරේදි කොරෝනා ආසාදිතවි ඇති පෝද්දල නරාවල සෙබලාගේ දරුවා සහ බිරිඳගේ පියා පි.සි.ආර්.පරික්ෂණ සඳහා අද (03) දහවල් කරාපිටිය රෝහල වෙත රැගෙන යන බව පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම සෙබලාගේ බිරිඳ ඊයේ කරාපිටිය රෝහලේදි පි.සී.ආර්.පරික්ෂණයට යොමුකල බවත් ඇයට කොරෝනා ආසාදනයවි නැති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම සෙබලා පසුගිය 21වනදින නිවාඩුවට පැමිණ සිටියදි කරාපිටිය රෝහලේදි පි.සි.ආර්.පරික්ෂණයට යොමුකර ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනයවි නැති බවට අනාවරණයවි ඇත.

මේ අතර නිවාඩුගොස් සිටින සෙබළුන්ට නැවත කඳවුරට වාර්තා කරන ලෙස කරන ලද දැනුවිම අනුව ඔහුද 28වනදින කඳවුරට ගොස් තිබේ.එසේ ගොස් සිටියදි කොරෝනා ආසාදනයවි ඇත.

ඒ අනුව මේ වනවිට ඔහු පදිංචි නරාවල නිවස අසල නිවාස අටක සාමාජිකයින් නිරොධායනට යොමු කර ඇත.

පවුලේ සාමාජිකයින්ද මෙසේ පි.සි.ආර්.පරික්ෂණ සඳහා ගෙනයන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.



අදහස් (0)

පෝද්දල නිවාස 8 සාමාජිකයන් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site