(ජේ.කේ.එල් චාමින්ද)
පෝද්දල පොලිස් වසමේ හිරිගල්කැටිය මීගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙකුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ 29 හැවිරිදි තරුණයකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොද්දල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ කටඹුරාව ලිපිනයේ පදිංචි කරුවෙකු වන පුස්සේවෙලගේ චමිල් සංජය නැමති තරුණයෙකි.
ඔහු දානමය පිංකමකට සහභාගි වී මිතුරන් පිරිසක් සමඟ යතුරුපැදි වලින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.
යතුරුපැදිය එහි පැදිකරුට පාලනය කරගත නොහැකිවම මාර්ගයෙන් ඉවට පැන පෙරලී අනතුරට ලක්වීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.