(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
නිට්ටඹුව, කැටකෑලපිටිය ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට පුද්ගලයින් තිදෙකු සමඟ ඝාතනය සදහා යොදා ගත් බව කියන කඩු තුනක්ද අත් අඩංගුවට ගෙන ඇත.
පැවති ආරවුලක් දුරදිග යාම මත කැටකෑලපිටිය පදිංචිව සිටි ඩබ්ලිව්. පී.අසේල ගිම්හාන නමැති විවාහක පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති තිදෙනා අතුරින් දෙදෙනෙකු සහෝදරයින් බව පොලීසිය පවසයි. පසුගිය අප්‍රේල් 14 වැනි දින කඩුවලින් කපා උල් ආයුධයකින් ඇනීම මත තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 18 වෙනි දින මරණයට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ඝාතනය සිදු කිරීමට හවුල්වූ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා නීතිය ඉගැන්වීමේ ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කළ පරීක්ෂණ මත පොලීසියට කට්ටි පනිමින් සිටි සැකකරුවන් තිදෙනා මක්කලිගොඩ ප්‍රදේශයේදී අල්ලා ගැනීමට හැකිව ඇත. ඔවුන් ගෙන් ලබාගත් තොරතුරු මත මක්කලිගොඩ කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී ඝාතනය කිරීම පිණිස යොදාගත් බව කියන කඩු තුනක් සහ උල් පිහියක් සොයාගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට