IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පුද්ගලයකුට පහරදුන් උප පොලිස් පරීක්ෂක, කොස්තාපල්-ගුරුවරයෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

කඩු, පොලු වලින් පුද්ගලයෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කළ සිදු කළ බවට සැක පිට පොලිස් සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ ගුරුවරයකු වන  එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු  අද (24)  අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය කියයි.

විල්ගමුව පොලිස් බල ප්‍රදේශයේ හඳුන්ගමුව එකේ ඇළ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත  පොලිසියේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත ඉලන්ගන්සේකර  මහතා පැවසීය.

මෙම තුන් සහෝදරයන්ගෙන් පහරකෑමට ලක්වූ  හදුන්ගමුව   ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වූ බරපතළ තත්ත්වය නිසා වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට මහියංගනය රෝහලට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය.

පහරදීමට එක් වූ බව කියන උප පොලිස් පරික්ෂකවරයා බණ්ඩාරගම පොලීසියට අනියුක්තව සේවය කරන බවත් පොලිස් කොස්තාපල්වරයා    දඹුල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අයෙකු බවත් ඔවුන්ගේ සහෝදරයා පොරමඬල ප්‍රදේශයේ විදුහලක සේවය කරන බව විල්ගමුව පොලිසිය කියයි .

මෙම පුද්ගලයන් පහරදීම සඳහා යොදාගත් පොලු කැබලි දෙකක් සොයා ගත් අතර කැපීම් තුවාල සිදුකළ කඩුව සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

කාලයක පටන් මෙම දෙපිරිස අතර තිබුණු ආරවුලක් මෙම ගැටුමට හේතු වී තිබෙන බවත්   තුවාල ලබා මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ ත්‍රිරෝද රථයකින් හඳුන්ගමුව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට පත්ව සිටින සහෝදරවරු තිදෙනා මග රැක මෙම පුද්ගලයාට පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා  පොලිස් කොස්තාපල්වරයා සහ ගුරුවරයා අද (24)  නාඋල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පාලිත ඉලන්ගන්සේකර  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පුද්ගලයකුට පහරදුන් උප පොලිස් පරීක්ෂක, කොස්තාපල්-ගුරුවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1123 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site