(ඩී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)
හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පිහිටි හෝටලයක් අසලදී පොලිස් රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු අද (28) පුද්ගලයෙකු පහරදීම නිසා අසාධ්‍ය තත්වයෙන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කර ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
හල්දුම්මුල්ල පොලීසියට අනියුක්තව පොලිස් රථවාහන අංශයේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ පහරකෑමට ලක්වීමෙන් හල්දුම්ල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
හල්දුම්මුල්ල ප්‍රදේශයේ අලුයම් කාලයේ රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ජංගම මුර යෙදිසිටියදි මෙම පහර දීමට ලක්ව ඇත.
සැකකරු හපුතලේ බෙරගල පදිංචි පුද්ගලයෙකි. හල්දුම්මුල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd