IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පදික මාරුවේදී අයෙකු අනතුරට ලක් කර පලාගිය රියදුරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම ජාතික පාසල අසළ පදික මාරුවේදී තරුණයකු මරණයට පත්කරමින් පලාගිය කැබ් රථයේ රියදුරු අද(16) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

සැකකරු කඩුවෙල වැලිවිට පදිංචි 57 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. එම කැබ් රථය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් එකක් බව ද පොලිසිය කියයි.

මිය ගිය තරුණයා නොච්චියාගම පහළ හල්මිල්ලෑව පදිංචිව සිටි අයකු බවද, ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයකු බවද පැවසේ.

ආර්ථික දුෂ්කරතා බණ්ඩාරගම ගල්කුඩේ ප්‍ර දේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට යමින් සිටි එම තරුණයා ඊයේ (15) අලුයම රැකියාවට යමින් සිටියදී අනතුරට ලක්ව තිබිණි.

තරුණයා අනතුරට ලක් කරමින් පලා ගිය කැබ් රථය  ඒ අසළ පාසලේ වූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබිණි. එසේ වුවත් එහි අංකය පෙනෙන්ට නොවූ බැවින් පොලිස් නිලධාරීන්ට රියදුරු සෙවීම දැඩි අභියෝගයක්වී තිබිණි.

අද(16) බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී සුදුපැහැ කැබ් රථයක් කලුතර සිට බණ්ඩාරගමට ධාවනය වනු දැක නවතා රියදුරුගෙන් කළ මූලික පරීක්ෂණවලදී ඔහු තමා අතින් අනතුර වූ බව පිළිගෙන ඇත. 



අදහස් (0)

පදික මාරුවේදී අයෙකු අනතුරට ලක් කර පලාගිය රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site