පසුගිය වසරේ සිදු වු දේශපාලන පරිවර්තනයත් සමඟ ජනතා අභිලාෂ ඉටු කිරීම සඳහා දිගු කාලීන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට නියමිත බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (01) පැවැසීය.
දිගු කාලීන සාමයත් සංහිඳියා ක්‍රියාවලියත් ඇති කිරීමේ මාර්ගයට ආණ්ඩුව පිවිස ඇති බවත් පවතින ජාතික ආණ්ඩුව දිගු කාලීන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රුකුලක් වී ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහිදි කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපද හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් රාමුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආරම්භක සැසියේදී අදහස් දක්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එම කරුණු කීය.
එහිදි අදහස් දැක් වූ මෙරට ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා මෙසේ ද කීය.
“ජාතික සංහිඳියාත් ආර්ථික සංවර්ධනයත් අතර පවතින සබඳතාවට ශ්‍රී ලංකා කදිම උදාහරණයක්. පසුගිය දේශපාලන පරිවර්තනයත් සමඟ ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම් ආදී කරුණුවලින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ලොව කාර්යබහුලම මුහුදු මාර්ගයක් ආසන්නයේයි. එම නිසා ශ්‍රී ලංකාවට අපි හැම සෑම අයුරකින්ම සහයෝගය දීමට කැමැත්තෙන් සිටිනවා ” යැයි මෙරට ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා වැඩිදුරටත් කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් අරුන් කුමාර්, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර වෙළෙඳ නියෝජිත මයිකල් ඩෙලනි සහ දෙරටේ ප්‍රධාන ව්‍යාපාරික හා වෙළෙඳ ආයතන නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැතුම් ඉටුවෙන්න දිගු කාලීන පියවර