අනුරාධපුර - පුත්තලම අලුත් පාරේ පොතානේගම දී අද (23) කැබ් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවක හා දියණියක මිය ගිය බව පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථය හදිසියේ ප්‍රතිවිරුද්ධ දිශාවට හැරී ඉදිරියෙන් ආ කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 73 සහ 54 හැවිරිදි මවක සහ දියණියකි. මොවුහු අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මගීන් දෙදෙනෙකු ඇතුළු කැබ් රිථයේ රියදුරු සහ ත්‍රී රෝද රථයේ රියදුරු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd