IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුත්තලම රෝහලේ රෝගීන්ගෙන් ලක්ෂ 2ක රන් භාණ්ඩ සොරාගෙන


(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
 
රෝහලේ සේවකයකු ලෙස පෙනීසිටිමින් පුත්තලම රෝහලේ සායනවලට පැමිණ සිටි රෝගීන්ගේ ලක්ෂ දෙකකට ආසන්න රන් භාණ්ඩ සොරකම් කල පුද්ගලයකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
 
එම තැනැත්තා රෝහලේ සායනවල රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකුට අවස්ථා දෙකකදී ඊසීජී (ECG) පරීක්ෂණ සඳහා ලොකු මහත්තයා පැමිණ ඇති බව පවසා, බාහිර ප්‍රතිකාර අංශය ආසන්නයේම තිබූ කාමරයකට රැගෙන ගොස්, පරීක්ෂණ කටයතුවලට රන් භාණ්ඩ ගැලවිය යුතු බව පවසා ඇත. ඔවුන්ට රන් භාණ්ඩ ගලවා ඉවත් කරන ලෙස දන්වා තිබේ. පසුව රන් භාණ්ඩ ගෙන මෙම පුද්ගලයා පලා ගොස් ඇති අතර, රෝගීන් ඒ බව  රෝහලේ බලධාරීන්ට හා  පොලීසියට පවසා ඇත.
 
මදුරන්කුලිය තොඩුවාව පදිංචි ලුසී ඇග්නස් (84) මහත්මියගේ  මුද්දක් සහ රන් මාලයක් ද, පාලකුඩාව පදිංචි එම්. ඇග්නස් ප්‍රනාන්දු (64) මුදු දෙකක් ද මෙලෙස පරීක්ෂණ කටයතු සඳහා කියා ගලවාගෙන පලා ගොස් තිබේ.
 
ලුසී ඇග්නස් මහත්මියගේ  දියණිය වන ඩබ්. ජෙනට් ජසින්තා මහත්මිය මෙසේ පැවසුවාය.
 
“මගේ අම්මත් එක්ක මම ළඟ හිටියා. එකපාරට එක්කෙනෙක් ඇවිත් කිව්වා රතු නොම්මර තියෙන අය එන්න ලොකු මහත්තයා බලන්න ඕනේ කියලා, අපිව ඉස්සරහා කාමරයකට අරන් ගියා. අම්මාව ඇඳට දාලා අම්මට කිව්වා මාලේ, මුද්ද ගලවන්න පරීක්ෂණ කටයතුවලට කියලා. ඒ අතර තුර තවත් අම්මා කෙනෙක් ගෙනල්ල පුටුවේ වාඩි කරලා ඒ විදියටම කිව්වා. මට කිව්වා අර කාමරයේ තියෙන පොත අරන් එන්න කියලා. මම එනවිට ඒ පුද්ගලයා නැහැ. මගේ අම්මාගේ මාලයයි මුද්දයි, අනිත් අම්මාගේ මුදු දෙකක් ගලවාගෙන ඒ මනුස්සයා ගිහිල්ලා. අපි මේ පිළිබඳව කාර්යාලයට කිව්වා. එයාලා මුකුත් දන්නේ නැහැ කිව්වා”
 
මේ පිළිබඳව පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරී සුමිත් අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ඔවුන් තමන් දැනුවත් කළ බවත්, මීට පෙර මෙවැනි සිදුවීම් සිදු වී ඇති බවත්ය. විශාල පිරිසක් වෛද්‍ය සායනවලට හා  ප්‍රතිකාර ලබා ගැනීමට පුත්තලම රෝහලට පැමිණෙන බවත් මේ තත්වය ගැටළුවක් බවත් සියලුදෙනා මීට වඩා අවධානයෙන් සිටිය යුතු බවත් ඒ මහතා සදහන් කළේය.

(ඡායාරූප - එච්. චන්දන)

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)



අදහස් (0)

පුත්තලම රෝහලේ රෝගීන්ගෙන් ලක්ෂ 2ක රන් භාණ්ඩ සොරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 692 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site