IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලමේ දන්සැල් 56කට අවවාද


 
ජුඩ් සමන්ත
 
වෙසක් දිනය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය දන්සැල් 265 ක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමත් වුහ.

වෙසක් දිනයේ සහ ඊට පසු දින දන්සැල් 295 ක් පවත්වන බව සංවිධායකයින් විසින් ප්‍රදේශවල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි වී තිබේ. ඉන් 93 ක් බත් දන්සැල් ද ඉතිරි 202 සිසිල් පැන් සහ වෙනත් දන්සැල් වේ.

වෙසක් දිනය තුළ පමණක් පරීක්ෂා කළ දන්සැල් අතරින් බොහෝමයක් ලියාපදිංචි කර පෙර උපදෙස් ලබා තිබූ ඒවා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සභාපති සාගර සමරසිංහ මහතා පැවසීය.

පරීක්ෂා කරන ලද දන්සල් අතරින් 56 කට සංවිධායකයින්ට අවවාද කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් දන්සැල් 3 ක සංවිධායකයින්ට දැඩි ලෙස අවවාද කර ඇත. මෙසේ දැඩි ලෙස අවවාද කර ඇති දන්සැල් පවත්වන බවට පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි වීමක් කර නොතිබුණු ඒවා වීම විශේෂත්වයකි.

අවවාද කර ඇති දන්සැල් බොහෝමයක් සිසිල් බීම දන්සැල්ය.මාළු අයිස් භාවිතා කරමින් සිසිල් බීම සකස් කිරීම,ඇල්මේනියම් ඇතුළු නුසුදුසු භාජන වල ආහාර ඇසිරීම,ආහාර සකස් කරන පිරිස් නියමිත සෞඛ්‍ය රීති භාවිතා නොකිරීම අවවාද කිරීම් වලට ලක් වීමට හේතු වී ඇත.



අදහස් (0)

පුත්තලමේ දන්සැල් 56කට අවවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site