
(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පිහිටි අලුත්වැවේ පිටවානෙන් පහලට යතුරුපැදියක් පෙරැළියාමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව,කදුරුවෙල පිහිටි පශූ වෛද්‍ය කෘතිම සිංචන මධ්‍යස්ථානයේ නිල නිවාසයෙක පදිංචිව සිටි එස්.ටී.චන්ද්‍රසේන දිවාගර නැමැති 55 හැවිරිදි තිදරු පියෙකි.
වැවේ පිටවාන මතින්වූ අඩි 03ක් පමණ පටු පාලම ඔස්සේ යතුරු පැදිය ධාවනය කරමින් තිබියදී එය ලිස්සායාමෙන් මේ අනතුර සිදුවී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (06) පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd