IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පිටරටින් එළු මස් ගෙන්වීම නවත්වන්නැයි විරෝධතාවක්

(දයාරත්න ඇඹෝගම)
 
ශ්‍රී ලංකාවට විදේශීය රටවලින් මහාපරිමාණයෙන් එළුමස් ආනයනය කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා රජරට සත්ව පාලන ගොවි එකමුතුවේ ගොවියෝ අද(21) අනුරාධපුර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වූහ.
 
ගලෙන්බිදුණුවැව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය, කැබිතිගොල්ලැව, රඹැව, විලච්චිය, ඇලයාපත්තුව, නොච්චියාගම ගොවි මහත්වරු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
 
මෙම උද්ඝෝෂණයට එක්වු සමස්ත ලංකා ගොවි සංවිධානයේ උප සභාපති කිරිගොවීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා මෙසේ පැවසීය.
 
“මේ ගොවියන්ගේ එළුවෝ ටික මසට විකුණාගන්න බැරිව ඉන්නවා. හැබැයි වර්තමාන ආණ්ඩුව පහුගිය කාලයේ කිරි හරක් ගෙන්නුවා වගේම අද අපේ රටේ පෞද්ගලික සමාගම්වලට එළුමස් ආනයනය කරන්න ඉඩදීලා තියෙනවා.
 
පසුගිය මාස කිහිපයක් ඇතුළත පිටරටින් එළුමස් ගෙන්වන නිසා මේ ගොවි ජනතාව අසරණ වෙලා. අද එළුවෝ ගාල්වල ඉන්නේ. ඔවුන් නඩත්තු කරන්න ඔගොවියන්ට අධික වියදමක් දරන්න වෙලා. ඔවුන් දැන් හතර අතේ ණය වෙලා ඉන්නේ. දරුවෝ ඉස්කෝලවලට යවා ගන්න බැරිව, කඩෙන් ගත්ත ණය ටික ගෙවා ගන්න බැරිව ඉන්නවා.
 
ඒ නිසා වහාම අමාත්‍ය මණ්ඩලය මගින් තීරණයක් රැගෙන පිටරටින් එළුමස් ගෙන්වීම අත්හිටුවන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. නැතිනම්  දිස්ත්‍රිකයක් දිස්ත්‍රියක් ගානේ මුළු රටපුරා උද්ඝෝෂණය කිරීමට කටයුතු කරනවා” යැයිද ඒ මහතා කීය.



අදහස් (2)

පිටරටින් එළු මස් ගෙන්වීම නවත්වන්නැයි විරෝධතාවක්

kap Monday, 21 October 2019 07:19 AM

එක සෙට් එකක් සත්තු මරන්න එපා කියල උද්ගෝෂණය කරනවා. තව සෙට් එකක් සත්තු මරන්න දෙන්න කියල උද්ගෝෂණය කරනවා. අනේ මන්ද මේ රට.

:       0       1

jagath Monday, 21 October 2019 08:23 AM

බැලූ බැල්මටනම් මට පෙන්නේ මුස්ලිම් කට්ටියක් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 166 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site