IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


පිටබැද්දර ඩඩ්ලි සේනානායක විදුහලේ පරිගණක ඒකකය ප්‍රතිසංස්කරණයට ලක්ෂ 70 ක්

(දෙනියාය විශේෂ එස් .ඩි.කොඩිකාර)

අකුරැස්ස, පිටබැද්දර, දෙහිගස්ප ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයයේ පරිගණක ඒකකය ,විද්‍යාගාරය ඇතුළු ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය ජපානයේ ඉදිකිරීම් සමාගමක් වන “චකචිකූ“ සමාගම විසින් පරිත්‍යාගයක් ලෙස අංග සම්පූර්ණව නැවත ප්‍රතිසංස්කරණය කරසිසු අයිතියට පත් කරන ලදි. 

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුවා මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේප්‍රධානත්වයෙන්සහ “චකචිකූ“ ඉදිකිරීම් සමාගමේ සභාපති රියෝ හෙයි ඉඕරෝයි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම විදුහලේ දී මෙම අංශ විවෘත කෙරිණි. 

මෙම  විද්‍යාලය කොළඹ සිටකිලෝ මීටර් 120 ක්දුරින් මාතර දිස්ත්‍රික්කයේ මොරවක අධ්‍යාපන කලාපයේ පිහිටා ඇත. 

එහිදී අදහස් දැක්වූශ්‍රී ලංකාවේ ජපන් තානාපතිකෙනිචි සුගනුවා මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දියුනුවට පත් වන රටක් හැටියට අප හඳුනාගෙන තියෙනවා. ඒ දියුණුව කරා ශ්‍රී ලංකාව ගමන් කරයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උපරිම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන්න  අපි කටයුතු කරනවා .

මෙම ජපන් චක චිකූඉදිකිරීම් සමාගම අවුරුදු 35ක් තිස්සේ ලංකාවේ වරායන් ,පාලම් , යාපනය රෝහලේ වැඩිදියුණු කටයුතු කිරීමආදී ව්‍යාපෘති  සම්බන්ධයෙන් දායක වෙමින් කටයුතු කරන අතර දැනටමත් දකුණු පළාතේ පාලම් 10 ක ව්‍යාපෘතියක් සිදු කරනවා .

විශේෂයෙන් කියන්න ඕන ජපන් ජාතිකයන් ප්‍රදේශවාසීන් සමග ඉතා සුහදශීලිවකටයුතු කරන අතර හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන්ට නව තාක්ෂණය හුවමාරු කරගැනීමට අවස්ථාව දෙමින් කටයුතු කිරීම ජපන් සමාගම් වල විශේෂත්වයක් බව ඒමහතා පැවසීය .



අදහස් (1)

පිටබැද්දර ඩඩ්ලි සේනානායක විදුහලේ පරිගණක ඒකකය ප්‍රතිසංස්කරණයට ලක්ෂ 70 ක්

Ajith Wickramsinghe Saturday, 03 March 2018 03:54 AM

ඇසීමත් සතුටක්. ජපානය නිතරම අවධානයෙන් ඉන්නේ ලංකාවේ සංවර්ධනය පිලිබඳ. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1167 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site