
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරචිචි)
බලන්ගොඩ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අයත් බලන්ගොඩ පෙට්ටිගල මාර්ගයට බෝම්බුව ප්‍රදේශයේ දී අද (30) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇති බව බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා පැවැසීය.
මාර්ගය අසල තිබූ විශාල ඇල්බීසියා ගසක් මාර්ගයේ කොටසකුත් සමඟ මාර්ගයට ගැලවී වැටී ඇත.
ප්‍රදේශයට අද සවස පැවැති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් එම ගස මාර්ගයට ගැලවී වැටී ඇතැයි සභාපතිවරයා කීය. ගස කපා මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd